"මහසෙන්" සුළි කුණාටුවට හිමි නමකගේ විරෝධය.

Sunday, 12 May 2013 - 18:55

%22%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%22+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථාපිතව ඇති මහසෙන් සුළි කුණාටුව කිලෝමීටර් 600ක් පමණ දිවයිනට ළංව කේන්ද්‍රගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි. ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින මහසෙන් සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පෙන්වා දෙන්නේ. මහසෙන් සුළි කුණාටුවේ බලපෑම නිසා යාපනයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ හේතුවෙන් වැසිත් සමග පැයට කිලෝමීටර් 70 කට වඩා තද සුළං තත්ත්වයක්ද බලපෑ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. දිවයිනට බලපාන ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල.

[MP3]s58845_1[/MP3]

මේ අතර, ගිනිකොනදිග බෙංගාල බොක්කේ පවතින සුළි කුණාටුවට මහසෙන් යන නාමයෙන් හැදින්වීම පිළිබදව උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය සිරිකෙත සිරිසිවලී නායක හිමියන් විරෝධය පළ කරනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ‘මහසෙන්’ යන නාමය මෙරට ඉතිහාසයේ රජවරයෙකුගේ නාමයක් බවයි.

[MP3]s58845_2[/MP3]

ගිනිකොනදිග බෙංගාලබොක්කේ පවතින මෙම සුළි කුණාටුවට මහසෙන් යන නම යෝජනා කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල.
 
[MP3]s58845_3[/MP3]



කිරි ගවයින් 2500ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Thursday, 28 May 2020 - 13:51

දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි... Read More

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 13:45

කොරෝනා ආසාදනය වූ රෝගීන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව... Read More

අවුරදු 2ට අඩු ළමයින්ට මුහුණු ආවරණ එපා - සෞඛ්‍ය අංශ දන්වයි
Thursday, 28 May 2020 - 13:40

අවුරුදු 2ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමෙන් වැලකී සිටින... Read More