දෙමළ පක්ෂ අවබෝධතා ගිවිසුමකට.

Sunday, 12 May 2013 - 19:30

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7.


දෙමළ ජාතික සන්ධානය, සාමාජික පක්ෂ අවබෝධතා ගිවිසුමකට අනුව ඉදිරියේ කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. එම සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එහි සාමාජික පක්ෂ අතර පසුගිය කාලය තුළ අභ්‍යන්තර ගැටළු මතු වී තිබුණා. දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කිරීමට එම සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වන ආර්.සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මීට පෙර විරෝධය පළ කර සිටියා. එහෙත් අනෙකුත් පක්ෂ වන ටෙලෝ, ඊ.පී.ආර්.එෆ්, ටී.යූ.එල්.එෆ්, ප්ලොට් යන පක්ෂ දෙමළ ජාතික සන්ධානය ලෙස ලියාපදිංචිය සිදුවිය යුතු බවට තරයේ ප්‍රකාශ කිරීමත් සමඟමයි මෙම අභ්‍යන්තර ගැටලූව ඇතිවූයේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දිගින් දිගටම එම පක්ෂ අතර සාකච්ඡා පැවැති අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ ටෙලෝ සංවිධානයේ නියෝජිතයන් අතර පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ද සාකච්ඡාවක් පැවැත්වුණා. මීට අමතරව මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ සියලූම පක්ෂවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ ඊයේ (11) පස්වරුවේයි. දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ සන්ධානයේ සියලූ පක්ෂ එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව  මන්නාරම රදගුරු හිමිපාණන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කෙසේ වුවත් සියලූ පක්ෂ අතර ඇති කර ගැනීමට සූදානම් වන  අවබෝධතා ගිවිසුම පිළිබඳ ඉදිරියේ දී තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වන බවයි ටෙලෝ සංවිධානයේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාංජිලිංගම් ප්‍රකාශ කළේ.

[MP3]s58850[/MP3]

                                               



තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1561ක්
Saturday, 30 May 2020 - 16:25

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ... Read More

ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල
Saturday, 30 May 2020 - 16:03

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද... Read More

බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 375ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 15:59

ඊයේ පෙරවරු 6යේ සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත... Read More