පකිස්ථානයේ නව ආණ්ඩුව පිහිටුවීමට නවාෂ් ෂරීෆ් සූදානම්.

Monday, 13 May 2013 - 8:34

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%82%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%93%E0%B7%86%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.


පකිස්ථානයේ නව ආණ්ඩුව පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් සූදානම් වනවා. පකිස්ථානයේ පැවති මහ මැතිවරණයෙන් නවාෂ් ෂරීෆ්ගේ පාකිස්ථාන මුස්ලිම් ලීගය මේ වනවිට පැහැදිළි ජයක් අත්කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වුවද නව ආණ්ඩුව පිහිටුවීම සඳහා නවාෂ් ෂරීෆ් විසින් පාකිස්ථානයේ සුළු පක්ෂවල සහය ලබාගැනීමටද සාකච්ඡා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මීට පෙර දෙවතාවක්ම පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇති නවාෂ් ෂරීෆ් සඳහන් කර ඇත්තේ පාකිස්ථානයට වෙනසක් ගෙන ඒම සඳහා තම පක්ෂයට ඇති හැකියාව පිළිබඳව ජනතාව විශ්වාසය තබා ඇති බවයි.

මේ අතර පකිස්ථානයේ මීළඟ විරුද්ධ පක්ෂ නායකයා වශයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් බොහෝදුරට තේරී පත්වනු ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළා.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More