ජනතාවගෙන් 50 %කට විදුලිබිල ඉහළ යන්නෑ. - ඇමතිනී පවිත්‍රා.

Monday, 13 May 2013 - 18:41

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+50+%25%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.

මෙරට ජන ගහනයෙන් සියයට 50කට නව විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිඳු බලපෑමක් සිදුනොවන බව විදුලිබල ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි පවසනවා. එහෙත් ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සංශෝධනය වූ විදුලිබිල ගැන විවිධ අර්ථ කථන ඉදිරිපත් කරන බව අමාත්‍යවරිය සදහන් කළා.

 

විදුලිබල අමාත්‍යවරිය මේ බව සදහන් කළේ බලංගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශවල විදුලි ගැටළු විසදීම සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

 

[MP3]s58903_1[/MP3]                                                              

 

අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පැවසුවේ විකල්ප තිබියදීත් රජය අසාධාරණ ලෙස විදුලිබිල වැඩි කළ බවයි.

 

[MP3]s58903_2[/MP3]                                                                           

 

මේ අතර, විදුලිබිල ඉහළයාමට එරෙහිව ලබන 21 වන දා පැවැත්වීමට නියමිතව ඇති වැඩ වර්ජනය සඳහා පෞද්ගලික අංශයේ සේවක දායකත්වය ලබාගැනීම පිළිබදව අන්තර් සමාගම් සේවක සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා හමුවක් අද පැවැත්වුණා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ.

 

[MP3]s58903_3[/MP3]                                                                          

 

විදුලිබිල වැඩිවීමට එරෙහිව අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත පා ගමන සංවිධානය කර ඇති දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් එකමුතුව ඊට සහාය ලබා ගැනීම සඳහා අද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් හමුවුණා. එහිදී මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් එම පිරිසට දැනුම් දී ඇත්තේ විදුලිබිල වැඩිවීමට එරෙහිව සිය පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මේ වනවිටත් තීරණයක් ගෙන ඇති බවයි.

 

මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සදහන් කළේ විදුලිබිල සංශෝධනයට එරෙහි ක්‍රියාමාර්ගවලට තමන් සහයෝගය නොදක්වන බවයි. එහෙත් ඒ සදහා දක්වන විරෝධයට තමන් විරුද්ධ නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 
[MP3]s58903_4[/MP3]                            



එජාප අර්බුදය ගැන අදත් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:42

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ... Read More

මහා මැතිවරණය ගැන අදහස්  (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:38

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

මැනිලා අගනුවර විවෘත වෙයි
Monday, 01 June 2020 - 13:23

කොරෝනා වසංගතයත් සමඟ ලොව වැඩිම කාලයක් වසා දමා තිබූ නගරයක්... Read More