ඇමති විමල් ගැන සැකයක්.

Monday, 13 May 2013 - 18:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අමාත්‍ය විමල් වීරවංශ පිළිබද තමන්ට බරපතල සැකයක් උපදින බව බොදුබල සේනා සංවිධානය පවසනවා. කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ ආගම්වාදී පක්ෂයක් වන ශිව්සේනා පක්ෂය සමග අමාත්‍ය විමල් වීරවංශ සම්බන්ධයක් පවතින බවට සැක මතු වන බවයි.

 

එමෙන්ම බොදුබල සේනා සංවිධානය අද (13) අමාත්‍ය විමල් වීරවංශට අභියෝගයක් ද එල්ල කළා. ඒ තමන් නෝර්වේ රාජ්‍යයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් සහ කිසිදු සංවිධානයකින් මුදල් මුදල් ආධාර ලබාගෙන ඇත්නම් එය වහා හෙලි කරන ලෙසයි. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹදී අද (13) මේ බව ප්‍රකාශ කළේ පසුගියදා තලවකැලේ ලිඳුල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසයි.

 

මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන බෞද්ධ සංවිධානයක් දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ එහිදී කියා සිටියා.

 

[MP3]s58904_1[/MP3]                                                          

 

කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකදී ඊට ප්‍රතිචාර දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

 

[MP3]s58904_2[/MP3]                                                

එහිදී අමාත්‍ය විමල් වීරවංශ ඉන්දියාවේ හින්දු අන්තවාදී ශිව්සේනා පක්ෂය සමග සම්බන්ධකම් පවත්වන බවට ඇති වී ඇති සැකය සම්බන්ධයෙන් අදහස් දැක්වූ  පූජ්‍ය ඥානසාර හිමියන්.

 
[MP3]s58904_3[/MP3]             



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More