පොදුරඳ මඩුලූ සමුළුවට එජාපය විරුද්ධ නැහැ.

Tuesday, 14 May 2013 - 7:36

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි විරෝධතාවක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය සිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනාවක් සම්මත කර ගත්තා. නමුත් එම රාජ්‍ය නායක සමුළුව මුවාවෙන් සිදුකෙරෙන නාස්තිකාරී වියදම්වලට සිය පක්ෂය විරෝධය පළ කිරීමට එහිදී එකඟවී තිබෙනවා. ඊයේ (13) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

 

[MP3]s58915[/MP3]

 
මේ අතර, පක්ෂය විසින් ලබාදී තිබූ ඉලක්ක නිසි ආකාරයෙන් සපුරාලීමට නොහැකි වූ ආසන සංවිධායකවරුන් 5 දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සදහන් කළේ. ඒ අනුව බිබිල, හාලිඇල, හපුතලේ, කලාවැව 02 සහ මින්නේරිය 02 යන ආසනවල සංවිධායවරුනුයි මෙලෙස ඉවත් කර ඇත්තේ. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා සභාපතිවරුන් 22 ක් ද ඊයේ (13) දිනයේ පත් කර තිබෙනවා.



ඡන්දය කල් දැමීමේ වගකීම මැතිවරණ කොමිසම භාරගත යුතුයි - ජී.එල්
Monday, 01 June 2020 - 13:06

මහ මැතිවරණය පැවැත්වීම කල් දැමීම සම්බන්ධයෙන් වගකීම මැතිවරණ... Read More

ත්‍රිපෝෂ තොග බෙදාහැරීම අඛන්ඩව (වීඩියෝ)
Monday, 01 June 2020 - 12:59

ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර කෙරුණද, පවතින තොග බෙදා හැරීම අඛණ්ඩව... Read More

එජාපය ක්‍රියාත්මක කරන්නේ න්‍යාය පත්‍රයක් - තිස්ස අත්තනායක
Monday, 01 June 2020 - 12:53

රජයේ කොන්ත්‍රාත්තුවක් මත එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමගි... Read More