දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ තර්ජන.

Tuesday, 14 May 2013 - 7:41

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිස්ත්‍රික්ක 7කට නාය යාමේ තර්ජන පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව නුවරඑළිය, කෑගල්ල, මාතලේ, ගාල්ල, රත්නපුරය, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ තර්ජනයක් පවතින බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ. ඒ පිළිබද කරුණු පැහැදිලි කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

 

[MP3]s58917_1[/MP3]

 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාපනය, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලින් ජීවිත හානි 7ක් වාර්තා වනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා.

 

[MP3]s58917_2[/MP3]

 

බෙංගාල බොක්කේ පවතින සුළි කුණාටු තත්ත්වය මේ වන විට ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් කිලෝමීටර් 750ක් පමණ දුරින් ස්ථාපිත වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එහෙත් අදත් දිවයින පුරා වැසි තත්ත්වයක් බලපාන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළා.

 

[MP3]s58917_3[/MP3]

 

නුවරඑළියේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි.

 

[MP3]s58917_4[/MP3]

 

මේ අතර පස් කදු කඩා වැටීම හේතුවෙන් ඊයේ (13) රාත්‍රියේ ධාවන කටයුතුවලට බාධා වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.