කැළණි හා කළු ගඟ අවට සුළු ගං වතුර තත්ත්වය තවදුරටත්.

Tuesday, 14 May 2013 - 18:53

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

අධික වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 10 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7399 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගල මරණ 7 ක් සහ අතුරුදන්වීම් 3 ක් ද වාර්තාවන බවයි. එමෙන්ම නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක 7 කට ඊයේ (13) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක නායයෑමේ අවදානම තවදුරටත් පවතින බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඒ අනුව කෑගල්ල, මාතලේ, ගාල්ල, රත්නපුර, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අවදානම පවතිනවා.

දැනට පවතින ආපදා තත්ත්වයන් පිළිබඳව පැහැදිළි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර.

[MP3]s58963_1[/MP3]              

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කැළණි සහ කළු ගංඟාවල ඇතිවූ සුළු ගං වතුර තත්ත්වයද තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ පිළිබඳ පැහැදිළි කරන එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි   

[MP3]s58963_2[/MP3]                                                                                  

මේ අතර බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට යමින් පැවතියත් තවදුරටත් රාත්‍රී කාලයේදී වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබදව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න.

[MP3]s58963_3[/MP3]                                                                   

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පරාක්‍රම සමුද්‍රය, කොත්මලේ, වේරගල සහ ලූණුගම්වෙහෙර ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා. එමෙන්ම පස් කඳු කඩාවැටීම නිසා ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද පෙරවරුවේ යථා තත්ත්වයට පත් කෙරුණා.



ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More

මානසික ආබාධ සහිත දරුවෙකුට පොලිසිය පහරදුන් බව කියන සිද්ධිය ගැන පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක්
Friday, 05 June 2020 - 17:35

අලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන්... Read More

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1800 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 17:19

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත... Read More