දැන් සන්ධාන හෝ පක්ෂ ලියාපදිංචිය බැහැ. ඡන්ද කොමසාරිස්.

Tuesday, 14 May 2013 - 18:59

%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A.

විවිධ සන්ධාන ගොඩනගන බවට ප්‍රවෘත්ති පළවුවද මේ අවස්ථාවේදී පක්ෂ එකතුවී  සකස් කරන සන්ධානයක් ලියාපදිංචි නොකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද කියා සිටියා. දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් හෝ මේ අවස්ථාවේ ලියාපදිංචි නොකරන බව පැවසූ ඔහු පක්ෂයක ලකුණ වෙනස් කිරීමක් පිළි නොගන්නා බවද සඳහන් කළා.

මුලතිව් දිස්ත්‍රිික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව දින නියම කර තිබුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ නඩුවක් විභාගවනවා. එවැනි තත්ත්වයක් යටතේ නව සන්ධාන හෝ පක්ෂ ලියාපදිංචි කිරීමට නීතියෙන් ඉඩක් නොපවතින බවයි මැතිවරණ කොමසාරිස්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

[MP3]s58965_1[/MP3]                       

උතුරේ පළාත් සභා ඡන්දය පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මේ ඊට ඡන්ද කොමසාරිස්වරයා දැක්වූ ප්‍රතිචාරයයි.

[MP3]s58965_2[/MP3]                       

මේ අතර සෑම වසරකම ජූනි පළමුවැනිදා ඡන්ද හිමියන්ගේ දිනය ලෙස අද ප්‍රකාශයට පත් කළා. මෙවර ඡුන්ද හිමියන් ගණන් කිරීම හෙටින් ආරම්භ වන අතර එය ජූලි මස 15 වැනිදා අවසන් වනවා. මේ කාලය තුළදී විවිධ හේතු මත ස්ථිර පදිංචිය නොමැති ප්‍රදේශවල ඡුන්ද නාම ලේඛනයන්හි ලියාපදිංචි වීමේ අවස්ථා අහුරා දමනු ඇති.



ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලින් දකුණු කොරියාවට
Wednesday, 27 May 2020 - 10:29

කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මෙරටට පැමිණි දකුණු කොරියාවේ සේවයේ... Read More

කොරෝනා ආසාධිත සැක සහිත පිරිසක් යාපනයේ මිසලයේදී අනතුරට පත් වෙයි
Wednesday, 27 May 2020 - 10:27

කොරෝනා අසාදිතයන් යැයි සැක සහිත රෝගීන් පිරිසක් රැගත් යාපනය... Read More

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වේ
Wednesday, 27 May 2020 - 10:10

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත කර තිබෙනවා.... Read More