දුම්රිය අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව ඇමති වෙල්ගම කියයි.

Tuesday, 14 May 2013 - 19:40

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

දුම්රිය අනතුරු ඉහළ යෑමට ප්‍රධාන හේතුව දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා. ඉදිකිරීම් අවසන් කළ තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ මැදවච්චියේ සිට මඩු දක්වා වූ කොටස විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

[MP3]s58972_1[/MP3]                

මේ අතර අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක පාදුක්ක - ඉංගිරිය - වවුල්කැළේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන වෑන් රථයක් ගැටීමෙන් වයස අවුරුදු 5ක පිරිමි දරුවෙකු සහ වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා. මිය ගිය කුඩා දරුවා පාදුක්ක - ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 39 හැවිරිදි රියදුරු පාදුක්ක - කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය ඇසින් දුටුවෙකු සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අනතුර සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වූවා.

[MP3]s58972_2[/MP3]