නවාස් ෂරිෆ්ගෙන් ඉම්රාන් ඛාන්ට ආරාධනයක්.

Wednesday, 15 May 2013 - 8:14

%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%92%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



 

පාකිස්තානය යලිත් ගොඩනැගීම සඳහා තමන් සමග එක්වන ලෙස පාකිස්තාන මහමැතිවරණයෙන් ජය ගත් නවාස් ෂරිෆ් සිය ප්‍රතිවාදියා වන ඉම්රාන් ඛාන්ට ආරාධනා කර තිබෙනවා. ත්‍රස්තවාදයෙන් සහ දරිද්‍රතාවයෙන් බැට කන පාකිස්තානුවන්ට යහපත් අනාගතයක් උදාකරලීම සදහා සියලූ දෙනා එක්විය යුතු කාලය එළඹ ඇති බවයි නවාස් ෂරිෆ් පෙන්වා දෙන්නේ. වසර 60කට අධික කාලයක් හමුදා පාලනයන්හි සහ දේශපාලන කුළල්කා ගැනීම්වලින් බැට කෑ පාකිස්තානුවන්ගේ ඉරණම වෙනස් කළ යුතු කාලය එළඹ ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ. කෙසේ වුවත් නවාස් ෂරිෆ් කළ ආරාධනය සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.