කෘමීන් කෑමට ගන්න. එක්සත් ජාතීන්ගේන් ආහාර අර්බුදයට විසඳුමක්.

Wednesday, 15 May 2013 - 18:52

%E0%B6%9A%E0%B7%98%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

කෘමීන් ආහාරයට එකතු කරගැනීමෙන් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් මිනිස් ශරීරයට ලබාගත හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.

එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එය ඉදිරි ලෝක ආහාර අර්බුදය සඳහාද සාර්ථක විසඳුමක් වන බවයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙම වාර්තාව සකස් කිරීම සඳහා මාතෘකාව ලෙස තෝරාගෙන ඇත්තේ කෑමට සුදුසු කෘමීන් ලෙසයි. එහි අන්තර්ගතය ලෙස ඔවුන් දක්වා ඇත්තේ ආහාර සුරක්ෂිතතාවය පිලිබඳව අනාගත දර්ශනය යන්නයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්‍ෂ ඊවා මුවෙලර් සඳහන් කරන්නේ පරිසර හිතකාමී ආහාරයක් ලෙස කෘමි සතුන් ආහාරයට ගැනීම කළ හැකි බවයි. දැනට ආහාරයට ගතහැකි කෘමීන් වර්ග 1900 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. කෘමීන් යනු ප්‍රෝටීන් හා ඛනිජ ලවන බහුල ඉතා ගුණදායක ආහාරයක් බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. දැනට ලොව පුරා බිලියන දෙකක ජනතාවක් කෘමීන් ආහාරයට ගනු ලබනවා. එය ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් බවයි එම සංවිධානය සඳහන් කළේ. බහුල වශයෙන් කෘමීන් ආහාරයට ගන්නා රටවල් වන්නේ චීනය, දකුණු අප්‍රිකාව සහ ඇමරිකාවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව පිළිබඳව අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් මධුජිත්ගෙන් විමසීමක් කළා.
 
[MP3]s59026[/MP3]