ආණ්ඩුවට පක්ෂ, විපක්ෂ උද්ඝෝෂණ නිසා කොළඹ උණුසුම්.

Wednesday, 15 May 2013 - 19:07

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ඉහළ දැමූ විදුලි ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉල්ලා සහ ආණ්ඩුවට සහය දක්වමින් කොළඹදී අද විරෝධතා දෙකක් පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රමුඛ ආණ්ඩුවට සහය පළකරන වෘත්තීය සමිති පැවැත්වූ විරෝධතා පා ගමන අද දහවල් එකට පමණ ආරම්භ වූයේ ලේක් හවුස් වටරවුම ආසන්නයෙන්. ඔවුන් මරදාන දක්වා මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ නමුත් කොටුව දුම්රිය පළ අසලින් එය අවසන් කළා.

මෙම පා ගමනට ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම මෙන්ම විජිත් විජයමුණි සොයිසා එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා.

[MP3]s59028_1[/MP3]             

විදුලි බිල පහත දමන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ විපක්ෂයේ දේශපාලන පක්ෂ ලබන 21 වැනිදා දියත් කිරීමට සැළසුම් කර ඇති එක් දින වැඩ වර්ජනය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

[MP3]s59028_2[/MP3]                      

විදුලි බිල ඉහළ දැමීමට එරෙහි මහජන ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතා පා ගමන බොරැල්ල - කැම්බල් පිටියේ සිට කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණියේ ඉන් අනතුරුවයි. ඊට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් රැසක්ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඉහළ දැමූ විදුලි ගාස්තු පහත දමන තුරු සටන් කරන බවයි.

[MP3]s59028_3[/MP3]          

ඉහළ දැමූ විදුලි ගාස්තු ලබන 20 වැනිදාට පෙර සම්පූර්ණයෙන් අහෝසි නොකළහොත්       21 වැනිදා සිදුකිරීමට නියමිත එක්දින වැඩවර්ජනය සැළසුම් කර ඇති පරිදි පවත්වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මෙහිදී සඳහන් කළේ.

[MP3]s59028_4[/MP3]                    

කෙසේ වෙතත් මෙම පා ගමන් හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක අද දහවල් සිට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා. මේ හේතුවෙන් කාර්යාල සේවය නිම කර නිවෙස් වෙත යමින් සිටි ජනතාව මෙන්ම පාසල් දරුවන්ද පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:28

තවත් ආසාදිතයන් 53ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්... Read More