පකිස්ථානයට කාශ්මීරයෙන් අනතුරු ඇඟවීමක්.

Thursday, 16 May 2013 - 13:01

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


 

පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජයගෙන නව රජයක් බිහිකිරීමට සූදානම් වන නවාස් ෂරීෆ්ට කාශ්මීර බෙදුම්වාදී සංවිධානයක් විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ, ඉන්දියාව සමග පවත්වන සබඳතා සීමා කරන ලෙසටයි. නව රජය, ඉන්දියාව සමග වෙළඳ ගණුදෙනු මුවාවෙන් සබඳතා තහවුරු කරගැනීමට උත්සාහ කළහොත් අනිටු ඵලවිපාකවලට මුහුණදීමට සිදුවන බවද ඔවුන් අනතුරු අඟවනවා. ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කරන කිසිදු රජයකට අවස්ථාව ලබා නොදෙන බවයි කාශ්මීර බෙදුම්වාදී සංවිධානය අවධාරණය කරන්නේ. කාශ්මීර ගැටළුව සම්බන්ධයෙන් ඉන්දියාව සමග ගණුදෙනු කිරීමේදී කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන ලෙසද ඔවුන් නව පාලකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

 

කෙසේ වෙතත් පාකිස්ථානු මහ මැතිවරණය ජයගැනීමත් සමග නවාස් ෂරීෆ්ට ඉන්දියාවේ සංචාරයක නිරතවන ලෙස එරට රජය විසින් මීට පෙර ආරාධනා කළා. මේ අතර නවාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිංට ආරාධනා කිරීමට නියමිත බවයි පාකිස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ.