වෙසක් පොහෝ දින පහන් කූඩු තරග, සංදර්ශන බෑ.

Thursday, 16 May 2013 - 19:12

%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%2C+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91.

පහන් කූඩු තරඟ, සංගීත සංදර්ශන හා වෙනත් සියලූ සංදර්ශන වෙසක් පුන් පොහෝ දිනයේ නොපවත්වන ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය අද (16) දැනුම් දුන්නා. වෙසක් පොහෝ දින යෙදෙනෙ 24 වැනිදා දන්සැල් දීම සඳහා බාධාවක් නොමැති බව පවසන එම අමාත්‍යාංශය ධර්ම ශ්‍රවණය, සීල සමාදානය සහ භාවනා ආදී ආගමික වතාවත්වල යෙදීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත්, මැයි මස 21 සිට 27 දක්වා යෙදෙන වෙසක් සතියේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යාංශය අද (16) මාධ්‍ය නිවේදන 03 ක් නිකුත් කළා. පළමු නිවේදනය අනුව 24 වැනිදාට යෙදෙන වෙසක් පොහෝ දින දන්සල්දීම මෙන්ම වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනද නොපැවැත්විය යුතුයි. ඉන් අනතුරුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ එම අමාත්‍යාංශය එදිනට තොරණ, දන්සල්, භක්ති ගීත පමණක් ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බව සඳහන් කර තිබුණා. පසුව සංශෝධිත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වෙසක් පොහෝ දිනයේ පහන් කූඩු තරග, සංගීත සංදර්ශන මෙන්ම වෙනත් සංදර්ශන නොපවත්වන ලෙස ප්‍රකාශ කෙරුණා.

වෙසක් සතියේ යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයේ බෞද්ධයන් ක්‍රියා කළ යුතු ආකාරය කෙසේ දැයි නිශ්චිතවම දැන ගැනීමට බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේට අප කතා කළා.

[MP3]s59088_1[/MP3]

වෙසක් තොරණ ප්‍රදර්ශනයද, වෙසක් පොහෝ දිනයට පසුදින සිට ආරම්භ කරන්නේ නම් වඩාත් යෝග්‍ය බවයි ඔහු කියා සිටියේ.

[MP3]s59088_2[/MP3]               

මේ අතර, කොළඹ අද පැවැත්වු මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ වෙසක් සමය සැණකෙලියක් කර නොගත යුතු බවයි.

[MP3]s59088_3[/MP3]                                       

එළැඹෙන වසරේ සිට නිසි පරිදි වෙසක් සමරන්නේ දැයි සෙවීමට බෞද්ධ භික්ෂූණ් වහන්සේලා වේවැලක් රැගෙන පාරට පැමිණෙන බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කළා.
 
[MP3]s59088_4[/MP3]



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More