සරත් ෆොන්සේකාගෙන් පැය ගණනක කටඋත්තරයක්.

Thursday, 16 May 2013 - 19:15

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගෙන් රහස් පොලිසිය විසින් කටඋත්තරයක් ලබා ගැනීම ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා. කෝට්ටේ - මැටිඅම්බලම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී මෙම කටඋත්තරය ලබා ගැනීම සිදුවන බවයි එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ. පස්වරු 2.55 ට පමණ ආරම්භ වූ මෙම කටඋත්තර ගැනීම පුරා පැය 03 කට අධික කාලයක් සිදුවෙමින් පවතින අතර, මීට වසර 07 කට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සරත් ෆොන්සේකාට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ මෙහිදී කටඋත්තර ලබා ගන්නා බව ඔහු සඳහන් කළා. 2006 වසරේ අප්‍රේල් 25 වැනිදා යුද හමුදා මූලස්ථානයට පැමිණෙමින් සිටියදී එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.