විජයග්‍රහණය වෙනුවෙන් හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්.

Friday, 17 May 2013 - 7:56

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



හෙට පැවැත්වෙන විජයග්‍රහණයේ පෙළපාලිය නිමිත්තෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට (18) උදෑසන පහේ සිට විජයග්‍රහණ පෙළපාලිය සහ උත්සවය අවසන් වනතුරු කොළඹට ඇතුළුවන මාර්ග තාවකාලිකව වසා දැමෙනු ඇති. සීනෝර් හන්දියෙන් කොටුව සී.ටී. ඕ. හන්දිය දෙසට ඇතුළුවීම, සී.ටී. ඕ. හන්දියෙන් කොටුව දෙසට ඇතුළුවීම, වරාය දොරටුව අසලින් චෛත්‍යය පාරට ඇතුළුවීම, කොල්ලූපිටිය හන්දියෙන් ගාලූ මුවදොර වටරවුම දෙසට ඇතුළුවීම මේ අනුව අත්හිටුවනු ලබනවා. එමෙන්ම, ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලූ පාර දෙසට ඇතුළුවීම, කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුමෙන් රීගල් වටරවුම දෙසට ඇතුළුවීම සහ ගාමිණී වටරවුමෙන් ඞී.ආර්. විජේවර්ධන මාවතට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවන බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ. වසා තැබෙන මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.