ප්‍රභාගේ පාසල් මිත්‍රයාට සිරදඬුවමක්.

Friday, 17 May 2013 - 7:59

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ පාසල් කාලයේ මිතුරෙකු සහ ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ ගුණසුන්දරම් ජෙයසුන්දරම්ට කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ සහිතව මසක සිරදඬුවමක් ඊයේ (16) නියම කළා. චෝදනා 15 කට වරද පිළිගත් ඔහුට එකවර ගෙවීයන පරිදි චෝදනාවකට මාසය බැගින් මෙලෙස සිරදඬුවමක් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන කටයුතු කළේ. සිරදඬුවම අවසානයේ වසරක පුනරුත්ථාපන වැඩසටහනකටද ඔහු යොමුකරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කළා.

 

මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව ඔහු කොටි සංවිධානයට සහය දැක්වූ ආකාරය පිළිබඳ කරුණු රැසක් අනාවරණය වුණා. තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය යුධ උපකරණ වන්නියට එවීමට කටයුතු කළ අතර කොටි සංවිධානය වෙනුවෙන් නැවක් ද මිලදී ගත් බවයි ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණේ. අධිකරණයේදී පාපොච්චාරණයක් කරමින් ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආධාර උපකාර කිරීම පිළිබඳව තමා පශ්චතාපයට පත්වන බවයි.