වව්නියාවේ මවක් දරු තිදෙනා සමග ළිඳට පනී.

Friday, 17 May 2013 - 12:46

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.

වව්නියාව - තාන්ඩිකුලම් ප්‍රදේශයේදී දැරියන් තිදෙනෙකුට අද (17) අවාසනාවන්ත ලෙස මියයාමට සිදුවුණා. ඒ ඔවුන්ගේ මව විසින් සිය දිවි නසා ගැනීම සඳහා මෙම දරුවන් ද රැගෙන තම ගෙවත්තේ පිහිටි ළිඳට පැනීමත් සමඟයි. මෙහිදී ප්‍රදේශවාසීන් විසින් මව නිරුපද්‍රිතව බේරා ගත් අතර, දියණියන් තිදෙනා ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු පහමාරක, දෙකහමාරක සහ වයස අවුරුදු එකහමාරක දැරියන් තිදෙනෙක්. මෙම මව මානසික රෝගයකින් පෙළෙන බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මේ අතර, පිටිගල - මත්තල එකේ කණුව ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් ඊයේ සොයා ගෙන තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 73 ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ. මෙම කාන්තාව සිය දියණිය සමග එම නිවසේ වාසය කර ඇති අතර, මේ වනවිට 34 හැවිරිදි දියණිය අතුරුදන්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මළ සිරුරු සොයා ගනු ලැබුවේ නිවස අභ්‍යන්තරයෙන් හමන දුඟදක් පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමකින් පසුවයි. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අසල්වාසී කාන්තාවක්.

 [MP3]s59135[/MP3]                   



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Friday, 05 June 2020 - 6:04

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්ස්ථාන... Read More

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More