රටට සැබෑ නිදහස උදා වූ විජයග්‍රහණයේ 4 වන සැමරුම අදයි.

Saturday, 18 May 2013 - 8:07

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+4+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

විජයග්‍රහණය නියත බව දැන ගත් අපේ වීරෝධාර රණ විරුවන්ට එය තරමක් හෝ පමා කිරීමට සිදුවුණේ පුදුමාතලන් හි යුද මුක්ත කලාපයේ මිනිස් පලිහක් ලෙස කොටියා විසින් රදවාගෙන සිටි සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීමයි. මෙම මෙහෙයුම සැබෑ මානුෂීය මෙහෙයුමක් බවට පත් කිරීමේ අරමුණ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ එකම අරමුණ වුණා. ඒ අනුව එල්.ටී.ටී.ඊ. ය සිරකරගෙන සිටි දෙමළ සිවිල් වැසියන්ට කිසිදු හානියක් නොවන පරිදි කොටි නායකයන් විනාශ කිරීමේ සැබෑ මිනිස්කමේ මානුෂීය මෙහෙයුම ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක වුණා. සිවිල් වැසියන්ට මුවා වුණු ප්‍රභාකරන් හමුදාවට ප්‍රහාර එල්ල කළේ අධිබලැති අවි යොදාගෙනයි. එහෙත් උපායමාර්ගික අපේ සෙබලූන් යුද යුක්ත කලාපයේ සිර වී සිටි ලක්ෂ සංඛ්‍යාත දෙමළ වැසියන් කොටි ග්‍රහණයෙන් මුදා ගත්තේ තම ජීවිත ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් පුද කරමින්. ප්‍රභාකරන්ගේ අණ නොතැකූ දෙමළ වැසියන් හමුදාවේ සරණ පතා පැමිණි අතර, ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි නායකයන් වෙල්ලමුල්ලි - වයිකාල් හි කඩොලානකට සිර වුණා. අවසන් මොහොතේ හෝ විදේශ මැදිහත්වීමකින් තමන් බේරා ගනී යැයි ඔහු සිතූ නිසා ලක්ෂ ගණන් මුදල් සහ කෝටි ගණනක් වටිනා රන් ආභරණත්, රෙදිකඩක ඔතාගෙන ප්‍රභාකරන් පැන යාමට සිහින දුටුවා. ඔහුට සරණවීමට උත්සාහ කළ ශ්‍රී ලංකාවට එරෙහි විදේශ ගැත්තෝ අපේ විරුවන්ගේ ශක්තිය දැන සිටියේ නැහැ. 2009 මැයි 18 වන දා දරුණු සටන් ඇවිලූණා. කොටි නායකයන් තැනින් තැන මිය ගොස් සිටි අතර, අපේ රටේ මිනිසුන්ගේ නිදහස නැති කළ ඊළම නම් සිහිනය වෙනුවෙන් රට වැනසූ වේළුපිල්ලේ ප්‍රභාකරන් නැමැති වධකයාගේ සිරුර ද නන්දිකඩාල් කලපුවෙන් හමුවුණේ සැබෑ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණය සටහන් කරමින්. රණවිරුවන්ගේ වීරත්වය සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගය කළේ මෙලෙසයි.

 

[MP3]s59178_1[/MP3]

 

ජනාධිපතිවරයා රට භාර කළේ අනාගත පරපුරටයි.

 

[MP3]s59178_2[/MP3]

 

1948 පෙබරවාරි 04 වන දා අප බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලැබූ නිදහස කොටි ත්‍රස්තවාදයේ ආරම්භයත් සමග අපට අහිමි වී ගියා. එදා වීරෝධාර රණවිරුවන් අපට හිමි කර දුන්නේ සැබෑ නිදහසයි. ඒ සැබෑ නිදහසේ 4 වන සැමරුමයි අද අප සමරන්නේ. ඊට අකුල් හෙලන මිනිසුනේ.. රණ විරු විජයග්‍රහණය සමරමින් අප ඔබට යළි යළිත් සිහිපත් කරන්නේ එක් දෙයක් පමණයි. නිවසින් පිටව ගිය පසු යළි එනතුරු ජීවිතය ගැන විශ්වාසයක් නොතිබුණු ඔබට එක තත්ත්පරයකට හෝ දැන් ඔබ ජීවත් වන බව සිහිවෙනවා නේද?

 
[MP3]s59178_3[/MP3]



මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද ඓතිහාසික නඩු තීන්දුවක් - අශෝක් අබේසිංහ (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 13:44

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද ඓතිහාසික නඩු තීන්දුවක්... Read More

ලබන සඳුදා(08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින්
Tuesday, 02 June 2020 - 13:38

ඉදිරි දින කීපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More