ආක්‍රමණික ඉන්දීය ධීවරයන්ට එරෙහිව දැඩි පියවර.

Saturday, 18 May 2013 - 12:52

%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB.

ශ්‍රී ලංකාවට අයත් ජාත්‍යන්තර මුහුදු තීරයට පිවිසෙන ඉන්දීය ධීවරයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බව ඉන්දීය රජය පවසනවා. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිසීම දෙරට අතර මතභේදයට තුඩුදී ඇති ප්‍රධාන කරුණක් බවයි ඒ පිළිබඳ සටහනක් ගෙන එන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළේ. ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදට පිවිසෙන ඉන්දීය ධීවරයන්ට මුලදී අනතුරු ඇඟවීමක් සිදුකෙරෙනවා.

 

එම අනතුරු ඇඟවීම් නොතකා තවදුරටත් එලෙස ශ්‍රී ලංකා මුහුදේ මසුන් මරණ ඉන්දීය ධීවරයන්ට එරෙහිව දඩුවම් ක්‍රියාත්මක කෙරෙනු ඇති. දඩ පැනවීම් සහ ධීවර බලපත්‍රය අවලංගු කිරීම දක්වා ඔවුන්ට දඩුවම් පැනවීමටයි ඉන්දියාව තීරණය කර ඇත්තේ. එමෙන්ම, මෝසම් සමයේ ධීවර කටයුතු තහනම් කිරීමේ කාලය දින 45 සිට 60 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද ඉන්දියාවේ අවධානය යොමුවී තිබෙනවා.

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ්, මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අමතා ඊයේ කළ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා. මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 26 දෙනා කඩිනමින් නිදහස් කරන ලෙස ද ඉන්දියාව මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා. පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙරටේ ධීවර සම්මේලන අතර, හමුවක් සංවිධාන කළ යුතු බව අමාත්‍ය ජී.එල්.පීරිස් මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්. මෙවැනි, හමුවක් සඳහා බාධාවක් වී ඇත්තේ තමිල්නාඩු රජයේ ශ්‍රී ලංකා විරෝධී ප්‍රතිපත්තියයි.



අනිද්දා සිට නිරිතදිගට වැසි වැඩිවෙයි
Monday, 25 May 2020 - 12:42

බදාදා සිට දිවයිනේ නිරිතදිග කොටසට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා... Read More

බඹර ප්‍රහාරයකට ලක්වූ තිදරු මවක් ජීවිතක්ෂයට
Monday, 25 May 2020 - 12:22

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින්... Read More

වෙළඳසැලක් සහ මුද්‍රණාලයක් කඩා භාණ්ඩ සහ මුදල් සොරාගෙන
Monday, 25 May 2020 - 11:43

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම මංසන්ධියේ පිහිටි... Read More