මුදාගත් භූමිය බෙදන්න දෙන්නේ නැහැ. - ජනපති.

Saturday, 18 May 2013 - 13:01

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

විජයග්‍රහණයේ 4 වන සැමරුම් උළෙල හෙවත්, රටට සැබෑ නිදහස උදා වී වසර 4 ක් ගතවීමේ සැමරුම් උළෙල අභිමානවත් අයුරින් කොළඹ - ගාලූමුවදොර පිටියේදී අද (18) පැවැත්වුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවයට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් භට පිරිස් මෙන්ම, සන්නද්ධ රථ, නෞකා සහ ගුවන් යානා ද එක් වුණේ රණවිරුවන්ගේ අභිමානය තවත් වැඩි කරමින්. එහිදී ජාතිය ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

 

[MP3]s59201_1[/MP3]

 

දිනූ දේශයේ එක බිම් අඟලක්වත් කිසිවෙකුටත් උදුරා ගැනීමට හෝ බෙදීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

 

[MP3]s59201_2[/MP3]

 

රටේ ස්වාධීනත්වය සුරක්ෂිතවීමට හේතුව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි පැහැදිලි කළා.

 

[MP3]s59201_3[/MP3]



 

කොළඹ - ගාලූමුවදොර පිටියේ පැවති විජයග්‍රහණයේ පෙළපාලිය පිළිබඳ තොරතුරු ගෙන එන එම ස්ථානයේ සිටි අප මාණ්ඩලික වාර්තාකරු අමිල ප්‍රසන්න මුතුකුට්ටි.

 

[MP3]s59201_4[/MP3]

 
මේ අතර, අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී ද ජාතික රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වෙනවා. ඒ හේතුවෙන් පොල්දූව මංසන්ධිය, පාලම් තුන වට රවුම, පැළවත්ත මංසන්ධිය සහ කිඹුලාවල මංසන්ධියෙන් පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට පැමිණෙන සියලූ මාර්ග පස්වරු 2.00 සිට උත්සවය අවසන් වන තුරු වසා දැමෙනු ඇති.



දින තුනක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර ඩෙවෝන් ඇලේ තිබී හමුවෙයි
Monday, 25 May 2020 - 6:32

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (24) ඩෙවෝන් දිය... Read More

රුසියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Monday, 25 May 2020 - 6:10

කොවිඩ් - 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Monday, 25 May 2020 - 5:56

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්... Read More