21 වර්ජනය ගැන නීතීඥ සංගමය තීරණයක් ගනී.

Saturday, 18 May 2013 - 18:26

21+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව 21 වැනිදා පැවැත්වෙන වැඩ වර්ජනයට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද තීරණය කළා. එම සංගමයේ ලේකම්, නීතීඥ සංජය ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද පෙරවරුවේ රැස්වූ තම සංගමයේ විධායක කාරක සභාව මෙම තීරණය ගත් බවයි. 21 වැනිදා පැවැත්වෙන එක් දින වැඩවර්ජනයට සහයෝගය ලබාදෙන ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ නියෝජිතයින්  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලධාරින් හමුවී ඊයේ ඉල්ලීමක් කළා. ඒ අනුවයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව අද (18) රැස්වුණේ. කෙසේ වෙතත්, ක්‍රියාත්මක කෙරෙන වැඩවර්ජනයට ඍජු සහභාගීත්වයක් ලබා නොදුන්නද, වර්ජනය සිදුකිරීමේදී යම් ගැටලූකාරි තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා නීතිමය සහයෝගය ලබාදීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. එහෙත්, ඔවුන් අවධාරණය කර සිටින්නේ 21 වැනි දින පවත්වන වැඩවර්ජනය ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් සිදුකළ යුතු බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීීතීඥ සංගමය මෙම වැඩවර්ජනයට ඍජුව සම්බන්ධ නොවීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් විමසා සිටියා.

[MP3]s59220[/MP3]            

මේ අතර, 21 වැනිදා පවත්වන වැඩවර්ජනයට සහයෝගය පළ කරන වෘත්තීය සමිති නියෝජිත සමුළුව කොළඹදී අද (18) පැවැත්වුණා. එහිදී වැඩවර්ජනය සම්බන්ධයෙන් යෝජනා 7ක් ද සම්මත කර ගෙන තිබෙනවා.



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More