කඳානේ අලියෙකු කුලප්පු වී ළමයින් 6 කට තුවාල.

Sunday, 19 May 2013 - 7:37

%E0%B6%9A%E0%B6%B3%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.


 
කඳාන ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (18) පැවැත්වූ පෙරහැරකදී අලියෙකු කුලප්පුවීම නිසා උණුසුම් තත්ත්වයක් මතුවුණා. පොලීසිය සඳහන් කළේ සිද්ධියේදී ළමයින් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර එම ළමයින් මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. තුවාල ලබා ඇත්තේ පෙරහැරට සහභාගි වී සිටි සහ එය නරඹමින් සිටි කුඩා දරුවන් පිරිසක්.  පසුව ඇත්ගොව්වන් සහ පොලීසිය මැදිහත්වී අලියා මෙල්ල කර තිබෙනවා.