පාකිස්ථානයේ තවමත් දේශපාලන ඝාතන.

Sunday, 19 May 2013 - 7:59

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1.



පාකිස්ථානයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායිකාවක් කරච්චි නුවරදී ඊයේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඇය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ යුක්තිය සඳහා වූ පාකිස්ථාන ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනියයි. සහ්රා ෂාහිඞ් හුසේන් නැමති ඇය සිය නිවස ඉදිරිපිටදී ඝාතනය කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් විසින්. මෙම ඝාතනය වාර්තාවන්නේ කරච්චියේ නැවත මැතිවරණයක් පැවැත්වීමට සූදානම්ව සිටින විටයි. ෂාහිඞ් හුසේන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන පී ටී අයි පක්ෂ නායක ඉම්රාන් ඛාන් චෝදනා කළේ කරච්චියේ දීර්ඝකාලීන දේශපාලන බලවතෙකු වන එම්.කිව්.එම්. පක්ෂයටයි. ඔවුන් කරච්චියේ සියලූ මැතිවරණ ජයගෙන ඇති අතර ඉම්රාන් ඛාන්ගේ පක්ෂය දැන් එහි උගත් තරුණ ඡුන්ද දායකයින්ගේ ආකර්ශනය බවට පත්ව තිබෙනවා.

 

කෙසේ නමුත් එම්.කිව්.එම්. පක්ෂය සඳහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ට එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කරන බවයි. ෂාහිඞ් හුසේන් ගේ ඝාතනය පාකිස්ථාන ජනාධිපති අසීෆ් අල් සර්දාරි දැඩි ලෙස හෙළා දකිනු ලැබුවා.