13 ගැන දැන් කතා එපා. - මල්වතු මහානාහිමි.

Sunday, 19 May 2013 - 12:45

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-++%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92.


 

උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රටතුළ කථිකාවතක් මතුවී තිබෙන අවස්ථාවක 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා නොකළ යුතු බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව පෙන්වා දුන්නේ අද පෙරවරුවේ බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහානාහිමියන් බැහැ දැකීම සඳහා පැමිණි අවස්ථාවේදීයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදුකළ යුතු බව අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන් නමුත් එය ක්‍රියාවට නැංවූයේ නැහැ. එහෙත්, උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආසන්නවත්ම, මේ පිළිබඳව සාකච්ඡා සිදුකරමින් පවතිනවා. එය මෙරටට එල්ල වන ජාත්‍යන්තර බලපෑම් ඉහළ යාමට හේතුවිය හැකි බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා. කෙසේ නමුත්, ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුතු බව තමන්ගේ ද අදහස යැයි මල්වතු මහානාහිමියන් ප්‍රකාශ කර තිබෙනවා.



කටුනායක ගුවන්තොටුපොළ විවෘත කළයුතු දිනය ගැන යෝජනාව ජනපතිට
Tuesday, 26 May 2020 - 16:11

කටුනායක ගුවන්තොටුපොළ විවෘත කළයුතු දිනය ගැන යෝජනාව ජනපතිටරට... Read More

කුවේට් සිට පැමිණි තවත් 07කට කොරෝනා - මෙරට සමස්ත ආසාදිතයන් 1189 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 15:59

කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට් කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු... Read More

මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් තැබේ
Tuesday, 26 May 2020 - 15:54

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More