ජනපති චීනයට.

Sunday, 19 May 2013 - 12:51

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සතියේ චීන සංචාරයක් අරඹනවා. චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා සමීප සහ ශක්තිමත් සබඳතාවක් පසුගිය කාලය තුළ වර්ධනය වුණා. නොරොච්චෝලේ තාප බලාගාරය, හම්බන්තොට වරාය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඇතුලූ මෙරට මහා පරිමාණ  සංවර්ධන ව්‍යාපෘති රැසක සඳහා දායකත්වය සපයන්නේ චීනයයි.

 

චිනයේ නව ජනාධිපති ෂී ජින් පින් පත්වීමෙන් පසු ඔහු මුළින්ම ඇමතූ ලෝක නායකයන් හයදෙනාගෙන් එක් අයෙකු වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂයි. ඒ බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පසුගියදා හෙළිකළා. ඉදිරි සතියේ යෙදී ඇත්තේ ජනාධිපතිවරයාගේ හයවන චීන සංචාරයයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් වරට චීනයේ සංචාරයක නිරතවූයේ 2011 වසරේ අගෝස්තු මාසයේදියි.