දැදුරුඔයේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු මරුට.

Sunday, 19 May 2013 - 19:11

%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

දැදුරුඔයේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අද (19) ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ පල්ලම - වතුපොළ ප්‍රදේශයේ පදිංචි 22 සහ 18 යන වයසේ පසුවූ තරුණයින් දෙදෙනෙක්. මොවුන් සිය දෙමාපියන් සමග දිය නෑමට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

මේ අතර, අරලගංවිල - කන්දකාඩුව ප්‍රදේශයෙන් මහවැලි ගෙඟ් දිය නෑමට ගිය අවුරුදු 18ක් සහ 12ක් වයසැති පිරිමි ළමයින් දෙදෙනෙකුට  ද ඊයේ (18) සිය ජීවිතයෙන් සමුගත්තා. කටුගස්තොට - දොඹගම්මන සහ උල්හදුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් මෙම අනතුරට ලක්වුණේ තම ඥාතීන් සමග වන්දනා චාරිකාවකට සහභාගිවෙමින් සිටියදියි.  

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ දිවයිනේ බොහෝ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ජලාශ සහ ගංගාවලින් දියනෑමේදී සහ ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ උප සභාපති, සහකාර පොලිස් අධිකාරි එච්.එච්. චූලසිරි කියා සිටියේ.
 
[MP3]s59278[/MP3]   



ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹේ
Tuesday, 02 June 2020 - 15:42

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය... Read More

ඡන්ද දිනය, හෙට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු
Tuesday, 02 June 2020 - 15:39

මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී... Read More

ඡන්දය ගැන පෙත්සම්, විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:17

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ යෝජිත... Read More