බස් සංගමයක් අද මැදියම් රැයේ සිට වර්ජනයක.

Sunday, 19 May 2013 - 19:15

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් බස් සංගම් අතර පරස්පරතාවයක් උද්ගතව තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසන්නේ කුමන බාධක පැමිණිය ද අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා දැවැන්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ එම සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු.

[MP3]s59280_1[/MP3]                                                                    

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ හෙට (20) හෝ අනිද්දා (21) පැවැත්වෙන කිසිදු බස් වර්ජනයකට සිය සංගමය සහභාගි නොවන බවයි. වෙසක් සමය තුළ බෞද්ධ ජනතාව අපහසුතාවයට පත් කිරීමට සිය සංගමය බලාපොරොත්තු නොවන බවයි ඔහු සඳහන් කළේ.

[MP3]s59280_2[/MP3]                                                                  

මේ අතර, බස් වර්ජනය සඳහා සහභාගි වන සියලූ බස්රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 
[MP3]s59280_3[/MP3]       



මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More