සියලූම පාසල්වල 21 වන දා ශීල ව්‍යාපාරයක්. - ගුරු සංගම්වලින් විරෝධය.

Sunday, 19 May 2013 - 19:19

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+21+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%81%E0%B7%93%E0%B6%BD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

වැඩි වූ විදුලිබිලට එරෙහිව වෘත්තී සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ලබන 21 වන දින පවත්වන සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ අද (19) කැදවා තිබූ මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

ලංකා ගුරු සේවා සංගමය ද අද (19) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට චෝදනා කළේ වර්ජනයේ යෙදෙන අනිද්දා දිනයේ එය කඩාකප්පල් කිරීමේ අරමුණින් පාසල් තුළ ශීල ව්‍යාපාර පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇති බවයි. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.

[MP3]s59281_1[/MP3]

ගුරු සංගම් නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්නගෙන් විමසීමක් කළා.

[MP3]s59281_2[/MP3]

මේ අතර, ලංකා විදුලිසේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් අද (19) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනාවක් එල්ල කළා.

[MP3]s59281_3[/MP3]

සමස්ත ලංකා හෙද සංගමය ද අද (19) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ සඳහන් කළේ ඉහළ ගිය විදුලිබිල හේතුවෙන් රාජ්‍ය රෝහල්වල අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.  

[MP3]s59281_4[/MP3]

මේ අතර වැඩිවූ විදුලි බිලට එරෙහිව නොච්චියාගම බස් නැවතුම අසල ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ පෙත්සමකට අත්සන් තැබීමේ ව්‍යාපාරයක් ද අද (19) පස්වරුවේ  පැවැත්වුණා.
 
කෙසේ වෙතත්, රජය සදහන් කරන්නේ විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදුකළේ මහජනතාව පීඩාවට පත් කිරිමේ අරමුණින් නොවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පවතින තත්ත්වයන් හමුවේ බොරදියේ මාළු බෑමේ වැඩපිළිවෙලක ඇතැම් දේශපාලන පක්ෂ නිරත වන බවයි.



දින තුනක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර ඩෙවෝන් ඇලේ තිබී හමුවෙයි
Monday, 25 May 2020 - 6:32

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (24) ඩෙවෝන් දිය... Read More

රුසියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Monday, 25 May 2020 - 6:10

කොවිඩ් - 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Monday, 25 May 2020 - 5:56

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්... Read More