තමිල්නාඩුවේ කොටි හිතවාදීන් ගැන ඉන්දීය මධ්‍යම රජයේ අවධානය.

Monday, 20 May 2013 - 13:17

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.

තමිල්නාඩුවේ කොටි හිතවාදී සිනමා අධ්‍යක්‍ෂ සීමාන්ගේ ‘‘නාම් තමිලර්’’ පක්ෂය සංවිධානය කර තිබූ ප්‍රභාකරන් සැමරුම තමිලානාඩු පොලීසිය විසින් නතර කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං ගේ කාර්යාලය ප්‍රසාදය පළකර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන වී නාරායන් ස්වාමි කියා සිටියේ සීමාන් ප්‍රසිද්ධියේම ඉන්දියාවේ තහනම් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය පළ කර ඇති බවයි. මැයි 18 වැනිදා තමිල්නාඩුවේ - කුඞ්ඩලෝර් හි සංවිධානය කර තිබූ කොටි සැමරුම් උත්සවයට ජම්මු කාශ්මීර බෙදුම්වාදී නායක යාසින් මලික් ටද ආරාධනා කර තිබුණා. එහෙත් රැස්වීමට ලබාදී තිබූ අවසරයේ කොන්දේසි කඩකරමින් මියගිය කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් එය අවසන් මොහොතේ අවලංගු කිරීමට තමිල්නාඩු පොලීසිය කටයුතු කළා.

ඉන්දීය අග්‍රාමාත්‍ය කර්යාලයේ අමාත්‍ය නාරායන් ස්වාමි කියා සිටියේ කාශ්මීර බෙදුම්වාදී නායකයාට මෙම රැස්වීමට ආරාධනා කිරීමද පිළිගත නොහැකි බවයි. එමෙන්ම ප්‍රභාකරන්ගේ රුව ඇතුලත් බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සීමාන් අත්අඩංගුවට ගත යුතු බවත් නාරායන්ස්වාමි ප්‍රකාශ කළා. එමෙන්ම තමිල්නාඩු රජය මෙවැනි කොටි හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු සඳහන් කළේ. සීමාන්ගේ ක්‍රියාකාරකම් ඉන්දීය රජයේ ප්‍රතිපත්තීන් කෙරෙහි බලපෑමක් සිදුකරන බවද නාරායන්ස්වාමිගේ අදහසයි. මේ නිසා ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජය සුදුසු ක්‍රියාමාර්ගයක් ගතයුතු බවද ඔහු අවධාරණය කළා.
 
මේ අතර පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ධීවරයන් විසි හය දෙනා ලක් රජය නිදහස් කිරීමට කටයුතු කරන බව දැනුම් දී ඇතැයිද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ඔවුන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



9 සිට පැය 18 ක කාලයක් කොළඹ ජල සැපයුම අත්හිටුවයි
Saturday, 30 May 2020 - 6:33

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම... Read More

පළාත් කිහිපයකට අද තද වැසි
Saturday, 30 May 2020 - 6:09

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More