වෙසක් සතිය තුළත් වැසි.

Monday, 20 May 2013 - 13:25

%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

දිවයින අවට වායු ගෝලයේ පවතින කැළඹිලිකාරී තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාත්වලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට ඉදිරි වෙසක් සතිය තුළද වැසි අපේක්ෂා කරන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එස්.ආර්. ජයසේකර සඳහන් කළේ.

[MP3]s59313[/MP3]

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාපතනයත් සමග ප්‍රදේශයේ මාර්ග කිහිපයක මේ වනවිට ඝන මීදුම් තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ගිනිගත්හේන - හැටන්, ගිනිගත්හේන - කොළඹ සහ ගිනිගත්හේන - නුවරඑළිය යන මාර්ගවල මීදුම් තත්ත්වය පවතින බවයි වාර්තාවන්නේ.

මේ අතර පසුගියදා දිවයිනට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පවුල් 25 කට අයත් පුද්ගලයින් 100 ක් පමණ අවතැන් කඳවුරු 6 ක තවදුරටත් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දැනටමත් සපයා දී ඇති බවයි එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර කියා සිටියේ. එම සුළි කුණාටුවත් සමග ඇතැම් ප්‍රදේශවල හටගත් ජල ගැලීම් තත්ත්වය හේතුවෙන්  පුද්ගලයින් 8105 දෙනෙකු පීඩාවට පත්වුණා. නිවාස 154 ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර අර්ධ වශයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 1895 ක්.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More