ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය වන දසුන් ඊෂා විජේවීර පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිය මවට සහ සහෝදරයාට පහරදීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ. වැලිසර පොලිස් ස්ථානයට රෝහණ විජේවීරගේ බිරිද සහ පුත්‍රයා විසින් කළ පැමිණිල්ලකට අනුව අද (20) උදෑසන රෝහණ විජේවීරගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව ඇය මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.