දිස්ත්‍රික්ක 6කට ආපදා අවදානම්.

Monday, 20 May 2013 - 18:42

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+6%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බටහිර, දකුණ, සබරගමුව, ඌව සහ නැගෙනහිර ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකියි. මේ හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය ඇතුළත දිස්ත්‍රික්ක 6ක ඇතැම් ප්‍රදේශවල  නාය යාම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් ආදිය අපේක්ෂා කළ හැකි බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

 
[MP3]s59344_1[/MP3]                           

 

මේ අතර, ඊයේ (19) රාත්‍රියේ දිවයිනට බලපෑ වර්ෂාපතනය හේතුවෙන් තංගල්ල, කදුරුපොකුණ, තනංචිවැව ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. එමෙන්ම පැවති සුළං තත්ත්වය හේතුවෙන් අලූත්ගම - කාලවේල ප්‍රධාන මාර්ගයේ ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

 

හෙට (21) දිනයේත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගූ.  

 
[MP3]s59344_2[/MP3]