විපක්ෂයේ වෘත්තීය සමිති රාත්‍රී 12 වන තුරු ආණ්ඩුවට කල් දෙයි.

Monday, 20 May 2013 - 18:47

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+12+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ඉහළ දැමූ විදුලිබිල අඩු කරන ලෙස ඉල්ලා විපක්ෂයේ වෘත්තීය සමිති රැසක් එක්ව දියත් කරන සංකේත වැඩ වර්ජනයට සියල්ල සූදානම් බව එම වෘත්තීය සමිති අද (20) ප්‍රකාශ කළා. වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව කියා සිටියේ වෘත්තීය සමිති 941ක් හෙට සංකේත වැඩ වර්ජනයට එක්වන බවයි. දේශපාලන පක්ෂ 15ක් ද මීට සහාය පළ කරන බව ඔවුන් සදහන් කළා.

 

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඒකාබද්ධව අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් අදහස් දක්වමින්.

 

[MP3]s59346_1[/MP3]                                                                

 

හෙට වැඩ වර්ජනයට එරෙහිව තවත් වෘත්තීය සමිති එකමුතුවක් කොළඹ දී අද (20) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම.

 

[MP3]s59346_2[/MP3]                                                           

 

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත සිය මාධ්‍ය හමුවේදී විදුලිබිල අඩු කිරීමට ආණ්ඩුවට තවත් කල් ඇති බව සදහන් කළා.

 

[MP3]s59346_3[/MP3]                                                                            

 

වැඩ වර්ජනයට එරෙහි මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ ප්‍රධාන ලේකම් ආරියදාස පතිරණ පැවසුවේ මෙම වර්ජනය ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් බවයි.  

 

[MP3]s59346_4[/MP3]                                                                 

 

සිරිකොත මන්දිරයේ අද (20) පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට වර්ජනයට සිය පූර්ණ සහාය පළ කළා.

 

[MP3]s59346_5[/MP3]                                                     

 

කෙසේ වෙතත්, ගම්පොළ ඊයේ (19) පැවැති රැස්වීමකට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර සදහන් කළේ එක් රාජ්‍ය ආයතනයක් හෝ හෙට වැසීමට සිදුවුවහොත් තමන් තනතුරින් ඉල්ලා අස්වන බවයි.

 

[MP3]s59346_6[/MP3]                                                            

 

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකරගේ ප්‍රකාශයට අද (20) පැවැති මාධ්‍ය හමුවේදී කේ.ඞී. ලාල්කාන්ත පිළිතුරු ලබාදුන්නා.

 

[MP3]s59346_7[/MP3]                                                

 

කෙසේ වෙතත්, ජාතික විදුලිපාරිභෝගික ව්‍යාපාරය අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී පවතින නිසා විදුලිබිල අඩු කළ හැකි බවයි. මේ වන විට එම ජලාශවල ජල මට්ටම සියයට 67ක් තරම් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එම නිසා ඒකක 180ට අඩුවෙන් පාරිභෝජනය කරන්නන්ගේ විදුලිබිල ඉහළ නොදමන ලෙස එහි ලේකම් බන්දුල චන්ද්‍රසේකර ප්‍රකාශ කළා.

 
[MP3]s59346_8[/MP3]                                                                    

මේ පිළිබදව විමසීමේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.  ෆර්ඩිනැන්ඩූ පැවසුවේ ඔක්තෝම්බර් මාසය වන තුරු ජලාශවල ජල මට්ටම නිරීක්ෂණය කිරීමෙන් පමණක් විදුලිබිල පිළිබද තීරණය කළ හැකි බවයි.

[MP3]s59346_9[/MP3]