විදුලි බිලට එරෙහිව විපක්ෂයේ වර්ජනය අද.

Tuesday, 21 May 2013 - 7:33

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

ඉහළ දැමූ විදුලිබිල අඩු කරන ලෙස ඉල්ලා විපක්ෂයේ වෘත්තීය සමිති රැසක් එක්ව දියත් කරන සංකේත වැඩ වර්ජනය අද (21) ක්‍රියාත්මක වනවා.  වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම සංකේත වැඩ වර්ජනයට වෘත්තීය සමිති 941ක් එක්වන බවයි. දේශපාලන පක්ෂ 15ක් ද මීට සහාය පළ කර ඇති බව සදහන්.

 

ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත කියා සිටියේ රජය මේ වන විටත් වැඩවර්ජනයට සහාය දක්වන රාජ්‍ය සේවකයින්ට විවිධ චක්‍රලේඛන ඉදිරිපත් කරමින් බාධා එල්ල කර ඇති බවයි.

 

[MP3]s59361_1[/MP3]

 

විදුලිබිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ අද පවත්වන වැඩ වර්ජනයට තම ව්‍යාපාරයට අදාළ සියලූ වෘත්තීය සමිති සහ සංගම් සහාය පළ කරන බවයි. තම සාමාජිකයින්ට කළු පටි පැලදීමට ද උපදෙස් දී ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සදහන් කළා. කෙසේ වෙතත්, වැඩ වර්ජනයට එක්වීමට නොහැකිවීම පිළිබද කණගාටුව පළ කරන බව ඔහු කියා සිටියා.

 

[MP3]s59361_2[/MP3]

 

 

විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් අද ක්‍රියාත්මක වන වැඩ වර්ජනයට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඞී. ජගත් කුමාර කියා සිටියේ රජය සමග එක්ව ජනතා ප්‍රශ්න විසදා ගැනීමට තම වෘත්තීය සමිති කටයුතු කරන බවයි.

 

[MP3]s59361_3[/MP3]

 

කෙසේ වෙතත්, ජාතික විදුලිපාරිභෝගික ව්‍යාපාරය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජලාශ සියයට 67ක් පමණ ප්‍රමාණයක් ජලයෙන් පිරී ඇති බවයි. ඒ හේතුවෙන් විදුලිබල මණ්ඩලයට ජල විදුලිය නිපදවීමෙන් ලාභයක් හිමි වන බව එම සංගමයේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර සඳහන් කළා. මෙලෙස විදුලිබිල වැඩි කිරීමෙන් විදුලිබල මණ්ඩලයට මුදල් ලබා ගැනීමට වඩා මහා භාණ්ඩාගාරයට මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බව ද ඔහු චෝදනා කළා.

 

[MP3]s59361_4[/MP3]

 

මේ පිළිබදව විමසීමේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.  ෆර්ඩිනැන්ඩූ පැවසුවේ විදුලිබිල වැඩිකිරීමට අවස්ථා කිහිපයදී විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව විදුලිබිල වැඩි කළ බවයි.

 
[MP3]s59361_5[/MP3]  



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 06 June 2020 - 17:56

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1806ක් වෙයි
Saturday, 06 June 2020 - 17:54

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1806ක් දක්වා... Read More

වටවල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 17:16

හැටන්, වටවල හයිඩ්‍රි ප්‍රදේශයේදී සිට හැටන් දක්වා ධාවනය වෙමින්... Read More