නිල්වලා සහ ගිං ගෙඟ් අවදානම තවදුරටත්.

Tuesday, 21 May 2013 - 7:38

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B7%99%E0%B6%9F%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගෙඟ් සහ ගිං ගෙඟ් ජලය පිටාර මට්ටමට ළංවීම නිසා ගංඟාව දෙපස සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කළා. මේ අතර, ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 6 ක ඇතැම් ප්‍රදේශවල පස් කඳු කඩාවැටීම් හා නායයෑම් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 12 සඳහාද බලපැවැත්වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර පැවසුවේ.

 
[MP3]s59363_1[/MP3]

 

මේ අතර ඉදිරි පැය 24 තුළද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගූ කියා සිටියේ.

 
[MP3]s59363_2[/MP3]