ගං වතුර පහව යයි.

Tuesday, 21 May 2013 - 12:45

%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%84%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා සහ ගිං ගංගා පිටාර ගැලීමෙන් යටවූ ප්‍රදේශවල රැඳී තිබෙන ජලය ක්‍රමයෙන් බැසයමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එහෙත් ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 6 ක ඇතැම් ප්‍රදේශවල පස් කඳු කඩාවැටීම් හා නායයෑම් ඇතිවිය හැකි බවට නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර සඳහන් කළේ.

[MP3]s59388_1[/MP3]                           

මේ අතර කළුතර උතුර - ගල්පාත ප්‍රදේශයේදී කළු ගෙඟ් යාත්‍රා කළ පාලම් පාරුවක් පෙරළී යාමෙන් අතුරුදන්වූ කාන්තාව මෙතෙක් හමුවී නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන අනතුර සිදුවන විට පාලම් පාරුවේ 11 දෙනෙකු ගමන් කර ඇති බවයි. ජලයට වැටුණු අනෙක් අය පීනා දිවි ගලවාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා. අතුරුදන්වූ කාන්තාව අවුරුදු 40 ක් පමණ වයසැති ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සන්ධ්‍යා කාලයේදී වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන  කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල.

[MP3]s59388_2[/MP3]