කෝටි 20 ක් වටිනා වල්ලාපට්ටා තොගයක් අත්අඩංගුවට.

Tuesday, 21 May 2013 - 12:50

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+20+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


මෙරටට ආවේනික ගයිරිනෝපස් වල්ලා හෙවත් වල්ලාපට්ටා ශාඛ කොටස්  කිලෝග්‍රෑම් 14000 ක් සහ සුදු හදුන් ශාක කොටස් කිලෝ ග්‍රෑම් 6 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 20 ක් පමණ වටිනා මෙම ශාඛ අපනයනය කිරීම සඳහා කොලොන්නාව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ගබඩා කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර ඉතිරි සිව්දෙනා ශ්‍රී ලාංකිකයින්. මෙම ශාඛ කොටස් ඉන්දියාව සහ ප්‍රංශයට නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට මොවුන් සූදානම් වී ඇති අතර විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන වෙත ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ. තෙත් කලාපීය වනාන්තරවල බහුලව වැවෙන ශාඛයක් වන වල්ලාපට්ටා ශාඛය, ශාඛ ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියටද නිර්දේශවී තිබෙනවා. ලොව මිල අධිකම සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහාද මෙය යොදාගැනෙන අතර  වල්ලා පට්ටා ශාඛයේ ඇති වැදගත්කම පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන.
 
[MP3]s59389[/MP3]          



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More