මහා පරිමාණ දේශීය ඖෂධ ජාවාරමක තොරතුරු.

Wednesday, 22 May 2013 - 11:44

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.



ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රූපලාවන්‍ය උපකරණ නිෂ්පාදනය කර නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඖෂධ අධිකාරියට ලැබුණු තොරතුරක් මත ඊයේ (21) රාත්‍රියේ ගම්පොල නගරයේදී සැකකටයුතු ලොරියක් පරීක්ෂාවට ලක් කළා. එහිදී එම ලොරියේ තිබී රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුත්, ප්‍රමිතයෙන් තොර ඖෂධ තොගයක් සොයා ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් භාවිතයට නුසුදුසු ඖෂධ වර්ග හා රූපලාවන්‍ය උපකරණ විවිධ ව්‍යාජ නම්වලින් අසුරා තිබූ බව සඳහන්.

 
මෙම ඖෂධ කර්මාන්තශාලාව පිහිටි ස්ථානය පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ඒ අනුව, එම කර්මාන්තශාලාව වැටලීම සඳහා මේ වනවිටත්, පියවර ගෙන ඇති බව සඳහන්. ඖෂධ ප්‍රවාහනය කළ ලොරියේ රියදුරු සහ සහයකයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් හෙලි කළ තොරතුරුවලට අනුව කාලයක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ නීති විරෝධී ලෙස බෙදා හැර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ලෙස ඖෂධ නිෂ්පාදනය කර බෙදා හැරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් අනාවරණය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More