බස්නාහිර පෞද්ගලික ගොඩනැගිලි රථගාල්වලින් ගාස්තු බැහැ.

Wednesday, 22 May 2013 - 12:46

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+++++++%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.

බස්නාහිර පළාතේ පෞද්ගලික ආයතන ගොඩනැගිලිවල රථගාල්වලදී පාරිභෝගිකයන්ගෙන් මුදල් අය කළ නොහැකි බවට චක්‍රලේඛයක් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරියේදී නිකුත් කරන බව වැඩබලන ප්‍රධාන අමාත්‍ය ජගත් අංගගේ පවසනවා. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස බස්නාහිර පළාත් සභාවට මෙම රථගාල්වලින් මුදල් අය කිරීම තහනම් කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ඊයේ ඒකමතිකව සම්මත වීමත් සමගයි.

එම යෝජනාවට අනුව බස්නාහිර පළාත තුළ ඉදිකර ඇති පෞද්ගලික රෝහල්, සුපිරි වෙළඳසැල් සහ වෙනත් පෞද්ගලික ගොඩනැගිලිවල ඇති රථගාල්වලින් එම ආයතනවලට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් මුදල් අය කිරීමට නොහැකි වනවා. එම රථගාල් පවත්වාගෙන යාම පොදු පහසුකම් යටතේ සිදුකළ යුතු බවයි ඊයේ යෝජනාවේදී සම්මත වී ඇත්තේ. මෙම යෝජනාව ඉදිරියේදී පළාත් මහඇමතිවරයා විසින් පළාත් කොමසාරිස්වරයා හරහා නිකුත් කරන චක්‍රලේඛයකින් පළාත් පාලන ආයතන වෙත දැනුම් දෙනු ඇති. මෙම යෝජනා ඇතුළත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඊයේ දිනයේ පළාත් සභාවට ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වුවා.

 [MP3]s59448[/MP3]
 
කෙසේ වුවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ දැරුව ද ඔහු විදේශගත වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වුණා.



බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් ලිඳුල ප්‍රදේශයේ කාන්තාවක් මරුට
Tuesday, 02 June 2020 - 17:45

බඹර ප්‍රහාරයකට ලක්වූ ලිඳුල සෙන්ට් කූම්ස් වතුයායේ කාන්තාවක්... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 17:44

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More

සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන්යානයක් දිවයිනට
Tuesday, 02 June 2020 - 16:34

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More