අධිකරණයේ පෙනී සිටීමට තවම තීරණයක් නැහැ. - හඳුන්නෙත්ති.

Wednesday, 22 May 2013 - 13:04

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92.


 

පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවේ සාමාජිකයන්ට අභියාචනාධිකරණයෙන් නිකුත් කළ නොතීසි අනුව අධිකරණයේ පෙනී සිටින්නේ ද යන්න තවම තීරණය කර නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා. හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට නොතීසි නිකුත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියා. මේ නිසා මෙම අවස්ථාවේදීත්, අධිකරණයේ නියෝග පිළිගනිමින් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ද යන්න අප කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඉහත කරුණු අනාවරණය කළේ.

මහජන පෙත්සම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් පත් කරන විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක්. දෝෂාභියෝගය සම්බන්ධයෙන් පත් කර තිබුණේ ද එවැනි විශේෂ කාරක සභාවක්. මහජන පෙත්සම් කාරක සභාවේ සියලූ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයායි. කාකර සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය, ලලිත් දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (21) වරප්‍රසාද ප්‍රශ්ණයක් මතුකරමින් පෙන්වා දුන්නේ තම කාරක සභාව දුන් නිර්දේශ අභියෝගයට ලක් කරමින් පැවරූ නඩුවක් අනුව අධිකරණය සභා සාමාජිකයන්ට නොතීසි නිකුත් කර ඇති බවයි. එහිදී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජෝන් අමරතුංග ද මැදිහත් වූ අතර කථානායක චමල් රාජපක්ෂ සිය තීන්දුව ද ප්‍රකාශ කළා.


[MP3]s59454_1[/MP3]

rn


කථානායක චමල් රාජපක්ෂ දෝෂාභියෝගය අවස්ථාවේදී 2012 නොවැම්බර් 29 වැනිදා ලබා දුන් තීන්දුව වූයේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දු පිළි නොගන්නා බවයි. මීට පෙර හිටපු කථානායක අනුර බණ්ඩාරනායක ද එවැනි තීන්දුවක් ලබාදී තිබුණා.

 

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දු දෝෂාභියෝගය අවස්ථාවේදී පිළිගත් ජනතා විමුක්ති පෙරමුණ මෙම නොතීසි සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පිළිබඳ අප විමසීමක් කළා. ඒ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගෙන්.

 

[MP3]s59454_2[/MP3]

එහෙත්, දෝෂාභියෝගය අවස්ථාවේදී අධිකරණයේ තීන්දු පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය ජනවාරි 2 වැනිදා ප්‍රකාශ කළේ මෙලෙසින්.

[MP3]s59454_3[/MP3]    

දෝෂාභියෝග කාරක සභාව සහ මහජන පෙත්සම් කාරක සභාව අතර වෙනසක් පවතින බව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිබඳ අප විමසුවේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩිගෙන්. ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුව පත් කරන සියලූ කාරක සභා එක හා සමාන බලතල යටතේ ක්‍රියාත්මක වන බවයි.

 

[MP3]s59454_4[/MP3]  



සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම නිසා අසරණ වූ මොණරාගල වට්ටක්කා ගොවීන් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:15

සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මොණරාගල වට්ටක්කා... Read More

වසර 150කට පසු බිත්තර දැමූ සංචාරක පක්ෂියා (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:00

සංක්‍රමණික පක්ෂියෙකු වන සිලුටු දෑ තුඩුවා වසර 148කට පසු මෙරට... Read More

සුන්දර මීමුරේ දුෂ්කර ජීවිත (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:58

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් මීමුරේ ගම්මානය... Read More