රිමාන්ඞ් භාරයට පත්කළ සැකකරුවෙකු උඩුමහලකින් පැන මරුට.

Wednesday, 22 May 2013 - 18:38

%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සියදිවි හානිකරගෙන තිබෙනවා. අද (22) උදෑසන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ හම්බන්තොට - ගල්වල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ.

 
පෙරේදා දිනයේදී මොහු මිරිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි මෙම දැරියන් දෙදෙනාට ලිංගික අතවර සිදුකර ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් මොහු පොලීසියට බාරදී ඇත්තේ ගස් බැඳ පහරදීමෙන් අනතුරුවයි. අනතුරුව සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා. එහිදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ මොහු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි. එහෙත් බන්ධනාගාර නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මොහු පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අද උදෑසන වැසිකිලියට ගොස් නැවත වාට්ටුවට පැමිණෙමින් සිටියදී සැකකරු රෝහලේ දෙවැනි මහලින් පැන මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙනවා. හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයාගෙන් අතවරයට ලක්වූ දැරියන්ද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඔවුන් මියගිය පුද්ගලයාගේ ඥාති මිණිපිරියන් දෙදෙනෙකු බවද සඳහන්.