විකෘති වෙස් මුහුණු අලෙවිය තහනම්.

Thursday, 23 May 2013 - 12:47

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

මෙරට වෙළඳ පොළ තුළ විකෘති වෙස් මුහුණු අලෙවි කිරීම තහනම් කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසනවා. විදෙස් රටවලින් ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය කරන විකෘති වෙස් මුහුණු සම්බන්ධයෙන් මහජන පැමිණිලි රැසක් සිය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වී ඇති බවයි බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්. බී. දිසානායක ප්‍රකාශ කළේ. මේ සඳහා සහයෝගය ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති බවයි ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ.

[MP3]s59513[/MP3]

එමෙන්ම වෙළඳ පොළ තුළ ප්‍රමිතියෙන් තොර පූජා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් එම්. බී. දිසානායක සඳහන් කළා. අටපිරිකරට නොගැලපෙන භාණ්ඩ ඇතුළත් කර ව්‍යාජ ලෙස සකසන ලද අටපිරිකර වෙළඳපොළේ අලෙවි වන බවට වන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මහ ජනතාව භීතියට පත් කරන විකෘති වෙස් මුහුණු මෙරටට ගෙන්වන පුද්ගලයන් සහ අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයට යෝජනා කිරීමට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සූදානම්වනවා. අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරියෙකු සඳහන් කළේ මේ පිළිබඳව අදාළ යෝජනාව මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවයි.



ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More