උද්ඝෝෂණයකින් නාවලපිටිය උණුසුම්.

Thursday, 23 May 2013 - 19:04

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

නාවලපිටිය - බ්‍රෝහිල් වතුයායේ කම්කරුවන් මාර්ග අවහිර කරමින් අද (23) විරෝධතාවයක නිරත වුණා. ඒ, අධිකරණ නියෝගයකට අනුව එම වතු යායේ මැණුම් කටයුතු සිදුකිරීම සඳහා පොලිසිය සමග රජයේ නිලධාරීන් පිරිසක් පැමිණීමට විරෝධය පළකරමින්. පවුල් 480 කට අයත් පුද්ගලයින් 2000 ක් පමණ මෙම වතු යායේ ජීවත්වන අතර ඔවුන් නාවලපිටිය - තලවකැලේ මාර්ගය සහ නාවලපිටියේ සිට වෙස්ටෝල්වත්ත ප්‍රදේශය හරහා හැටන් මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා. උද්ඝෝෂණය තීව‍්‍ර වූයේ වතු යායේ අයිතිය තමන් සතු බව පවසමින් කාන්තාවක් එම ස්ථානයට පැමිණීමත් සමඟයි. විරෝධතාවයේ නිරතව සිටි වතු සේවකයින් පැවසුවේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මෙම වතු යායේ තම පරම්පරාව වසර 100 ක පමණ කාලයක සිට ජීවත්වන බවයි.

[MP3]s59537_1[/MP3]                           

කෙසේ වෙතත්, පසුව එම ස්ථානයට නාවලපිටිය පොලිසියේ නිලධාරීන්ද පැමිණි අතර, ඔවුන් සහ උද්ඝෝෂණයේ නිරතව සිටි වතු සේවකයින් අතර උණුසුම් සංවාදයක්ද ඇතිවුණා.

[MP3]s59537_2[/MP3]                   

අද (23) උදෑසන ආරම්භ වූ මෙම උද්ඝෝෂණය මේ දක්වා අවසන් වී නැහැ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අප බ්‍රෝහිල් වතු යායේ අධිකාරී චමින්ද බණ්ඩාරගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.