ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍යයට ඇතුළු කරවීමේ ජාවාරමක් හෙළිවෙයි.

Thursday, 23 May 2013 - 19:50

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



ශ්‍රී ලාංකිකයන් නීතිවිරෝධී ලෙස බ්‍රිතාන්‍යයට ගෙන යාමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් 18 දෙනෙකු යුරෝපා ඒකාබද්ධ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එංගලන්තයේ සහ ප්‍රංශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11 දෙනෙකු එංගලන්තයේදීත්, තවත් 07 දෙනෙකු ප්‍රංශයේදීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර ශ්‍රී ලාංකික සම්භවයක් ඇති  ඕලන්ත ජාතිකයෙකුද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් ළඟ තිබී පරිගණක, ජංගම දුරකතන සහ මුදල්ද සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවන් කලක සිට දකුණු ආසියානු රටවල සිට බ්‍රිතාන්‍යයට නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලාංකිකයන් යැවීම සඳහා එක් අයෙකුගෙන් යුරෝ 5000 ක මුදලක් අයකර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මෙම පිරිස      ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍යයට අමතරව ඇමරිකාවටද යවන බවට තොරතුරු ලැබී තිබෙනවා.



ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ පහරදීමකින් පියෙක් සහ දියණියක් තුවාල ලබයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 10:05

මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ... Read More

අම්බලන්තොටදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 9:27

අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින්... Read More

ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 9:21

ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු... Read More