ජාතික සමගිය තහවුරු කිරීමට වෙසක් මංගල්‍යය යොදා ගනිමු. - ජනපති.

Friday, 24 May 2013 - 8:04

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

සම්බුදු දහම ගරු කොටගත් රාජ්‍ය පිළිවෙත් සමග පිළිවෙත් සරු ජාතියක් සේම අභිමානවත් දේශයක් ගොඩනැගීමට අප කටයුතු කරන්නේ අධිෂ්ඨානයෙන් ද, නොපසුබස්නා වීර්යයෙන් ද යුතුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. උතුම් වූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් විශේෂ වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ජීවිතය දෙස බැලීමට ඇති හොදම මඟ බුදුදහම ලෙස හැදින්විය හැකි බවයි. එමෙන්ම ජාතික සමගිය සහ ආගමික සහජීවනය සරු කොට ගැනීම සඳහා ද වෙසක් මංගල්‍යය යොදා ගත හැකි බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.  

 

මේ අතර, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් පෙන්වා දෙන්නේ යුද බිය වෙනුවට සාමය හා සැනසීම ලැබුණු දා පටන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ශ්‍රේෂ්ඨ සතර බ්‍රහ්ම විවරණ අපට වඩාත් වර්ධනය කළ හැකි කාලපරිච්ඡේදයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බවයි. මේ උතුම් වෙසක් මංගල්‍යයේ සැබෑ අර්ථය අවබෝධ කර ගනිමින් ප්‍රාණගාත ආදී පස් පවින් මිදුණු සමාජයක් බිහි කිරීමට දායකය විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සිය වෙසක් පණිවුඩයක් තවදුරටත් අවධාරණය කරන්නේ.  

 



මෙරට ජනතාව දැඩි අසහනයට හා පීඩනයට ලක්වී සිටින මොහොතක වෙසක් සමය එළැඹී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා. එම නිසා රාජ්‍ය පාලනය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ජනතාවට සහන සැලසිය හැකි බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. යහපාලනය ඇති කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග රැසක් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එමෙන්ම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බුදු දහම ආවරණයක් නොකර ගත යුතු බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙසක් දින පණිවුඩයෙන් අවධාරණය කරන්නේ. ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් බුදුදහම නිසියාකාරයෙන් පිළිපැදීමට මෙම වෙසක් දිනයේ අදිටන් කර ගත යුතු බවයි විපක්ෂ නායකවරයා සිය වෙසක් දින පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

 
ගැටුම්වලින් පිරුණු ලෝකය අද මුහුණ දෙන අභියෝගවලට බුදුදහමෙන් විසදුම් සොයා ගත හැකි බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් පවසනවා. වෙසක් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් මහලේකම්වරයා කියා සිටින්නේ බුදුදහමේ වටිනා සම්ප්‍රදායෙන් සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම ප්‍රතිඵල ලැබිය හැකි බවයි. අද ලෝකය මුහුණ දෙන ගැටලූ විසදීම සදහා බුදුදහම වටිනා ආදර්ශ සපයන බව මහලේකම් බෑන් කී මූන් අවධාරණය කළා. ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ලෝකයක් බිහි කිරීම සදහා බුදුදහම සැබෑ පූර්වාදර්ශ සපයන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.