හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ඇරඹේ.

Friday, 24 May 2013 - 8:08

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

කතරගම - කිරිවෙහෙර පුදබිමේ සිට හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය මෙවර වෙසක් පුණ්‍යෝත්සවය සමරනු ලබනවා. හිරු ශාක්‍යසිංහ මංගල්‍යය නමින් පැවැත්වෙන මෙම මහා පුණ්‍ය කටයුත්ත අද සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන්නේ කතරගම කිරිවෙහෙර පුදබිමේදීයි. මෙවර හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සියැසින් වන්දනාමාන කිරීමේ අවස්ථාව බැතිමතුන්ට හිමිවනවා. ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් වැඩමවා වදාළ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් කිරිවෙහෙර පුදබිමේ ධාතු මන්දිරයේ තැන්පත් කෙරෙන අතර මැයි මස 25 වැනිදා අළුයම සිට 27 වැනිදා අළුයම දක්වා එම ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට බැතිමතුන්ට හැකියාව ලැබෙනවා. හිරු ශාක්‍යසිංහ මංගල්‍යය වෙනුවෙන් පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගිවීම සඳහා අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගි වී සිටින බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කතරගම -  කිරිවෙහෙර පුදබිමේ අද උදෑසන ආරම්භ වූ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය පිළිබද වැඩිදුර තොරතුරු ගෙන එන එහි සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.

 
[MP3]s59565_1[/MP3]

 

වෙසක් පුණ්‍යෝත්සවයේදී ආමිස පූජා අතර ප්‍රධාන තැනක් ගනු ලබන වෙසක් තොරණ හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. මෙවර නවතම සංකල්පයකින් ඉදිරිපත් කර තිබෙනවා. ලොව  ඕනෑම තැනක සිට  ඕනෑම මොහොතක සැනෙකින් අන්තර්ජාලයට පිවිස මෙම තොරණ දැකබලා ගත සිත් පහන් කර ගැනීමට බැතිමතුන්ට අවස්ථාව හිමිවනවා. එමෙන්ම ජාතක කතා වස්තුව හොඳින් අධ්‍යයනය කරමින් තොරණ නැරඹීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වයයි. මෙම ඔන්ලයින් තොරණ රාජයා ලොව වැඩිම පිරිසක් නරඹන තොරණ ලෙස ඉතිහාසයට එක්වනු ඇති. ඒ අනුව මහා කපි ජාතකය රැගත් ලොව ප්‍රථම ඇසිදිසි ඔන්ලයින් තොරණ www.hirufm.lk සහ www.hirutv.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් නැරඹිය හැකියි.