වරාය ගින්න ගැන විශේෂ පරීක්ෂණ.

Friday, 24 May 2013 - 12:51

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

කොළඹ වරායේ ජය බහලූම් පර්යන්තයේ ගුදමක අද (24) අලූයම හට ගත් ගින්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වරාය ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ මෙම ගින්න පිළිබඳව මූලික පරීක්ෂණ වාර්තාවක් අද දවස තුල ලබා දෙන ලෙස තමන් වරාය අධිකාරියේ සභාපතිවරයාට දැනුම්දුන් බවයි.

 

කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ හට ගත් මෙම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා පැය කිහිපයක කාලයක් ගත වුණා. ඒ සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය, කොළඹ වරාය ගිනි නිවීමේ ඒකකය මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ලබා ගැනීමට සිදුවූ බවයි වරාය අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 1986 වසරේ ජපාන සමාගමක් විසින් ඉදිකර ඇති මෙය සැලකෙන්නේ කොළඹ වරාය සතු නවීනතම තාක්ෂණයෙන් යුතු ගුදමක් ලෙසයි. මීටර් 200 කට පමණ දිගකින් යුත් මෙම ගුදම තුළ ගින්න ඇති වන අවස්ථාවේ රුපියල් කෝටි ගණනක් වටිනා විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම්, සුවඳ විලවුන්, පාවහන් වැනි භාණ්ඩ රැසක් ගබඩා කර තිබූ බවයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ. එම භාණ්ඩ සියල්ලම විනාශ වී ඇති අතර, ගින්න ඇති වීමට හේතුව මෙතෙක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව ඔහු සඳහන් කළා.

 
[MP3]s59594[/MP3]



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More