කොළඹ වෙසක්සිරි නරඹන්න දස ලක්ෂයක්.

Friday, 24 May 2013 - 12:55

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%BB%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ නගරයට දස ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව කොළඹ මහනගර සභාව පවසනවා. එසේ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් මේ වනවිටත් සකස් කර අවසන් බවයි එහි නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන කියා සිටියේ. මෙවර, කොළඹ නගරයේ වෙසක් කලාප 7 ක් සහ තොරණ 10 ක් ස්ථාපිත කර තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව මෙවර කොළඹ නගරයේ වෙසක් තොරණේ අඩුවක් දක්නට ලැබෙන බවයි නාගරික කොමසාරිස්වරිය කියා සිටියේ.

 
[MP3]s59595_1[/MP3]

 

මේ අතර, කොළඹ නගරයේ වෙසක්සිරි නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්  පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන.

 

[MP3]s59595_2[/MP3]

 

වෙසක්සිරි නැරඹීමට නගර වෙත පැමිණෙන ජනතාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එලෙස පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ සහන ගාස්තු ක්‍රමවේදයක් ද හඳුන්වාදී ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උපසභාපති එල්.ඒ.විමලරත්න කියා සිටියේ.

 

[MP3]s59595_3[/MP3]

 

වෙසක්සිරි නැරඹීම සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති විශේෂ දුම්රිය සේවාවන් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු දැක්වූ එහි ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්.රත්නායක.

 

[MP3]s59595_4[/MP3]



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More